Color theory (වර්ණ සිද්ධාන්තය)
වර්ණ කියන්නෙ අපේ ජීවිතයට ගොඩාක් සමීප දෙයක්. ඇත්තටම අපි ගොඩාක් කැමතියිනේ වර්ණවලට, එහෙමත් නැත්තම් පාටවලට. විශේෂයෙන්ම UI design කරනකොට, අපි අලුත් ඇදුම් ගන්නකොට,නැත්තම් වාහනයක් ගන්නකොට, ගෙදර paint කරනකොට පවා colors ගැන ගොඩක් හිතනවනෙහ්... ඇත්තටම Colors කියන්නේ අප ජීවත්වන ලෝකයේ තියෙන වැදගත් දෙයක්. Colorsවල ගුණාත්මකභාවය කෙලින්ම හා ක්ෂණිකව අපගේ හැඟීම් කෙරෙහි බලපනවා. Colorsවලට පුලුවන් අපේ චිත්තවේග වෙනස්කිරීමට සහ ප්රතික්රියා ඇතිවීමට හේතුවක් වෙන්නත්. ඒ වගේම අපේ ඇස් කෝපයට පත්කිරීම හෝ සන්සුන් කිරීම, අපේ රුධිර පීඩනය ඉහල දැමීම හෝ ආහාර රුචිය යටපත් කිරීම වගේ දේවල්වලටත් අපි නොදැනුවත්වම බලපනවා.ඉතින් මේ දේවල් ගැන දැනගන්න එක ගොඩක් ප්රයෝජනවත් වෙනවා. අපි බලමු මොකක්ද මේ color theory කියන්නේ කියලා. Color theory (වර්ණ වාදය) යනු මුල් කාලයේ සිටම වර්ධනය වූ කලාව හා මෝස්තර සඳහා වර්ණ භාවිතා කිරීම සම්බන්ධයෙන් නීති රීති සහ මාර්ගෝපදේශ එකතු කිරීම සඳහා භාවිතා කරන ලද යෙදුමකි. නිර්මාණකරුවන්ට ඔවුන්ගේ සැලසුම් වලට අනුකූල වීමට ඉඩ සලසන ප්රධාන...
Comments
Post a Comment