Color theory (වර්ණ සිද්ධාන්තය)




වර්ණ කියන්නෙ අපේ ජීවිතයට ගොඩාක් සමීප දෙයක්. ඇත්තටම අපි ගොඩාක් කැමතියිනේ වර්ණවලට, එහෙමත් නැත්තම් පාටවලට. විශේෂයෙන්ම UI design කරනකොට, අපි අලුත් ඇදුම් ගන්නකොට,නැත්තම් වාහනයක් ගන්නකොට, ගෙදර paint කරනකොට පවා colors ගැන ගොඩක් හිතනවනෙහ්...  ඇත්තටම Colors කියන්නේ අප ජීවත්වන ලෝකයේ තියෙන වැදගත් දෙයක්. Colorsවල  ගුණාත්මකභාවය කෙලින්ම හා ක්ෂණිකව අපගේ හැඟීම් කෙරෙහි බලපනවා. Colorsවලට පුලුවන් අපේ චිත්තවේග වෙනස්කිරීමට සහ ප්‍රතික්‍රියා  ඇතිවීමට හේතුවක් වෙන්නත්. ඒ වගේම අපේ ඇස් කෝපයට පත්කිරීම හෝ  සන්සුන් කිරීම, අපේ රුධිර පීඩනය ඉහල දැමීම හෝ ආහාර රුචිය යටපත් කිරීම වගේ දේවල්වලටත් අපි නොදැනුවත්වම  බලපනවා.ඉතින් මේ දේවල් ගැන දැනගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපි බලමු  මොකක්ද මේ color theory කියන්නේ කියලා.


Color theory(වර්ණ වාදය) යනු මුල් කාලයේ  සිටම වර්ධනය වූ කලාව හා මෝස්තර සඳහා වර්ණ භාවිතා කිරීම සම්බන්ධයෙන් නීති රීති සහ මාර්ගෝපදේශ එකතු කිරීම සඳහා භාවිතා කරන ලද යෙදුමකි. නිර්මාණකරුවන්ට ඔවුන්ගේ සැලසුම් වලට අනුකූල වීමට ඉඩ සලසන ප්‍රධාන වර්ණ ආවරණ පහකින් එකක් ලෙස මෙය හැඳින්විය හැකිය.එමෙන්ම එය වර්ණ මිශ්‍ර කිරීම සහ විශේෂිත වර්ණ සංයෝජනයන්හි දෘශ්‍ය ආචරනය සඳහා ප්‍රයෝගික මඟ පෙන්වීමකි. Color wheel(වර්ණ රෝදය) මත පදනම්ව වර්ණ අර්ථ දැක්වීම් පවතී: එනම් ප්‍රථමික වර්ණ(Primary colors), ද්විතීයික වර්ණ(Secondary colors) සහ තෘතීය වර්ණ(Tertiary colors).
වර්ණ වාදයේ මූලධර්ම මොනවාද?
වර්ණ රෝදයේ මූලික මූලධර්මය ප්‍රථමික වර්ණ(Primary colors) තුනකින් ආරම්භ වේ - රතු(Red), කහ(Yellow) සහ නිල් (Blue). වර්ණ සංයෝජනයෙන් ප්‍රථමික වර්ණ අනෙක් වර්ණ සඳහා පදනම වේ. නමුත් ප්‍රථමික වර්ණ වෙනත් වර්ණ මිශ්‍ර කිරීමෙන් නිර්මාණය කල නොහැක.
ප්‍රධාන වර්ණ 3 මොනවාද?
රතු(Red), කොළ(Green) සහ නිල්(Blue)යන වර්ණ (RGB). 

මෙම වර්ණ සඳහා අනුපූරකවන, ද්විතියික වර්ණවන්නේ Cyan, Magenta and Yellow වේමෙම වර්ණ තුන බොහෝ විට subtractive primary colors ලෙස හැඳින්වේ
RGB වර්ණ subtractive primary colors සමඟ mix කිරීමේදී ඇතිවන 
සංකලනය කළු වර්ණයෙන් යුක්ත වේ.

Warm colors 
තැඹිලි(Orange), රතු(Red),සහ කහ(Yellow) වර්ණවලින් සෑදෙන අතර ඒවා හිරු එළිය සහ තාපය සමඟ සම්බන්ධ වේ.  ඒ වගේම warm colors මගින්  උණුසුම, සුවපහසුව සහ ශක්තිය පිළිබද හැඟීමක් ලබා දෙනවා.

Cool colors
Cool colors නිල්(Blue), කොළ(Green) සහ දම්(Magenta) පාටින් සෑදෙයි. Warm colors මෙන් නොව, Cool colors සන්සුන් හැඟීම් ඇති කරයි.

Analogous colors
Analogous colors එක්තරා වර්ණයකින් සෘජුවම සෑදෙයි. ඔබට තැඹිලි පැහැය සදා ගැනීමට අවශ්‍යනම්, ඔබ රතු සහ කහ වර්ණ තෝරා ගත යුතුය.

Complementary colors
මෙම වර්ණ color wheel මත, සෘජුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. ඒ වගේම  කැපී පෙනෙන වර්ණ තෝරා ගැනීම සඳහා ප්‍රයෝජනවත්  වේ.

Split complementary colors
මෙම වර්ණ, වර්ණ දෙකක් හෝ තුනකින් සමන්විත විය හැකිය.



           ඉතින්, Color theory පිළිබඳව basic කරුණු ටිකක් තමයි මම අද කිව්වේ. ඒ වගේම තමයි අපි හැමෝටම අපි කැමති පාටක් තියෙනවා. ඉතින්, ඒ ඒ  වර්ණවලින් විවිධ
හැඟීම්/අදහස්  දක්වනවා;

White - Clean, virtuous, healthy
Black - Powerful, sophisticated, edgy
Grey - Neutral, formal, gloomy
Blue - Serene, trustworthy, inviting
Red - Passionate, aggressive, important
Green - Natural, stable, prosperous
Yellow - Happy, friendly, warning
Purple - Luxurious, mysterious, romantic
Pink - Feminine, young, innocent
Brown - Earthy, sturdy, rustic
Orange - Playful, energetic, cheap

 






                                                                                          
                                                                                                          
                                                                                                             Thank You!
                                                                                                                         - Kau 😊 -



Comments

Post a Comment

Popular posts from this blog

Data Base Management Systems